Thursday, January 24, 2013

නපුරුකම් කරත් හුගාක් ආදරේ ඔයාට.......


හිත හදාගන්න පුළුවන් නම් මම හුගාක් කල්.... ඒත් මතකය හැම වේලේම හිත අතපත ගාද්දි අන්තිම හරිය මහා දුකක් උනත් මුලදි මැදදි තිබුන මහමෙරක සතුට ඇස් වලට කදුළු ගේනවා.... යන්නම යන්න ගියේ මාව එපා නිසානේ.... සමහර වේලාවට මම ඉන්නවා කියලා දැන දැනත් ඔයා නිහඩම ඉන්නේ මාත් එක්ක කතා කරන්න දෙයක් නැති නිසානේ.... මම මොන තරම් ආදරේ කරත් ආදරේ කියන දේ කවමදාවත් බලෙන් එපා.... ඔයාට මාව එකපාරක් එපානම් මට ඔයාව සිය දහස් වාරයක් එපා.... ඔයා ඇස් අස්සට දුන්න හීන හැමදාම මගේ ගාව තියෙද්දෙන්.... මම මෙහෙම පිස්සු විකාර දොඩව දොඩව ඉන්නෙත් හිතේ දුක අමතක කරගන්න.... ජිවිතේ මොනාහරි හිතට වැදුන දෙයක් අමතක කරගන්න කවුරු උනත් තවත් දේකට යොමු වෙනවා... හැබැයි මම වෙනස් වෙලා නෑ.... මට වෙනස් වෙන්න ඕන වෙලා තියෙනවා.... ඒත් මම පරණ හිටපු කෙනාමයි.... ඒකනේ ඔයාගේ නපුරුකම් වලට මේතරම් හිත රිදෙන්නේ... කවදාවත් හිතන්න එපා මොන තරම් ආදරේ කරත් ආදරේ ඉල්ල ඉල්ල ඔයාගේ පස්සෙන් ඒවි කියලා.... මම මගේ පාඩුවේ ඉන්නම්.... ඒක මට කරන්න පුළුවන්.... අනික ඔයාට හිතෙන වේලාවට ලංකරගන්නයි එපා වෙලාවට අයින් කරන්නයි මගේ ආදරේ සෙල්ලම් බඩුවක් නෙවෙයි.... කවදාවම හරි ඇත්ත ආදරේ තේරේයි.... එදාට හුගාක් දුක හිතෙවි ලැබුන හොදම ආදරේ නැති කර ගත්තා නේද කියලා.... එදාටත් මම ඔයාට ආදරේ කරයි.... හැබැයි මම ඔයා ඇසට අහුවෙන මායිමකවත් නැහැ.... සතුටින් ඉන්න.... මම නැතත් ඔයා සතුටින් ඉන්න.... මගේ සතුට ඒකයි....



නිදුකින් ඉනු මැන 
මගේ සතුටත් එයමයි.....



2 comments: