Sunday, March 3, 2013

ජිවිතේ හැමදාම හැමදේම අපට ලැබෙන්නේ නැහැ.... ආදරේත් ඒවාගේ.... තමන්ගේ උපන් දිනේ දවස එයාගේ ආදරණිය අම්මාගේ අවසන් දවස වුන දරුවෝ මොන තරම් හිතින් විදවනවද.... මට හුගාක් සතුටුයි... පාරේ ඉන්න සීයා කෙනෙකුට කන්න වේලක් වතුර බෝතලක් අරන් දිලා අතට රුපියල් පනහකුත් දුන්නා.... ජොබ් එකක් නැති හින්දා මේ දවස්වල මගේ අතේ වැඩිපුර සල්ලි නැහැ... මම වැලැන්ටයින් සැමරුමේ ‍ඔන්න ඔහොමයි.... මගේ හිතට දුකක් වාගේම සතුටකුත් තියනවා....ජිවිතේ ඇත්ත දකින්න ඔයා මාව දාලා ගිය දා ඉදන් පුරුදු උනා... කිසිම දේකට ආසා කරන්න ආදරය කරන්න හිතෙන්නේ නැහැ.... ඔය නපුරුකම ඇති තරම් මාව රිදෙව්වා... මට තවත් රිදෙන්න හිතක් නැහැ.... හැමදේකින්ම ඈත් වෙන්න මම තීරණය කලා... කවදාක හරි ඔයා මාව දකින දවසට පුදුමත් හිතේවි.... මොකද මම නවතින්න හිතලා තියෙන්නේ එතනින් නිසා.....
ජිවිතේ ගැන මහා කලකිරිමක් දැනෙනවා.... මිනිස්සුන්ට මේ තරමට නපුරුවෙන්න දුර්ජන වෙන්න පුළුවන්ද කියලා මට හිතෙනවා... එක පිරිමියෙකුට ආදරේ කරා කියලා ඒ මනුස්සයා මට මගේ කියලා තියන හැමදේම මට නැති කරන්න හදනවා... මගේ කියලා තිබුන දේවල් මගේ කියලා ළග ඉදපු මිනිස්සු හැමෝමව ඈත් කරන්න හදනවා.... ඒක මහා ලොකු වීරකමක් කියලා එයා හිතනවා ඇති... ඒත් මටනම් පේන්නේ ඒක එයාගේ කොන්ද පන නැතිකම කියලා.... ජිවිතේ කෙනෙකුට ආදරේ කරන එක වරදක් නෙවේ... ඒත් මම ඔයාට ආදරේ කරපු එක ඔයා දැක්කේ වරදක් වාගේ.... ඔයාගේ ජිවිතේට හුළං පොදක්වත් නොවැදෙන්න ඉන්න මට ඔයා කරන දේවල් දෙවියොවත් උහුලන්නේ නැහැ... ඔය නපුරුකම මුසලකම මම දැක්කේ හුගාක් පහුවෙලා... ඇත්තටම ඔයා මනුස්සයෙක්ද කියලත් මට හිතෙනවා... කෙල්ලෙක් කොල්ලෙක්ට තමන්ගේ හිතේ තියන ආදරේ කිවාම ඒ කෙල්ලව දාන්නේ බැල්ලියෙක්ගේ ගානට.... ඔයා මම ගැන ගොඩාක් අයට හුගාක් දේවල් කියලා තියනවා කියන්න මම දන්නවා... ඒත් මම වැරදි නැහැ කිය කිය කාටවත් කියන්න තරම් මම වැටිලා නැහැ... කවදාහරි ඔයාට ඇත්ත කියන්න වේවි... මමගැන දන්න අය ඇත්ත දන්නවා.... ඒ හැම කෙනාටම වඩා ඔයාගේ හිත දන්නවා.... ඔයාට කාට බොරු කිවත් ඔයාගේ හිතට බොරු කියන්න කරන්න බැහැ.... හැබැයි ඔයාට ඇත්ත ආදරේ කවදාහරි ඕන වේයි... එදාට ඔයාට මාව මතක් වෙයි.... එදාට මගේ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ මැරිලා තියෙයි....... එදා ඔයාට කියන්න වෙයි

“ ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහේවත්
ඔබ මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා.....
ඔය නෙතු හැඩවු තරම්....
ඔබ පෙම් කෙරු තරම්....
අදහන්නත් බෑ කොහේ තිබුණා
දෝ මේ තරම් ආදරේ....
පිරිමි ළමෙක්ට ගෑණු ළමේක් ආදරේ වුනාම නොකර දෙයක් නෑ.... තමන්ගේ කියන හැමදේම අතාරිනවා... පිරිමි ළමයට තියන ආදරේ වෙනුවෙන්, පිරිමි ළමයාගේ හිත රිද්දන්න බැරි නිසා... ඒ වගේම ගෑණු ළමෙක් පිරිමි ළමෙක් ගැන හොයලා බලන්නේ එයා කෑම කනකල් නොකා ඉන්නේ මෝඩකමට නෙවේ..... ආදරේ නිසා... ගෑණු ළමේක් ආදරේ කරන්න ගත්තාම එයාගේ මුළු ජිවිතේම ආදරේ.... ඒත් මේක පිරිමි ළමයි තේරුම් නොගන්න පිරිමි ළමයි නිසා ගෑණු ළමයි මොන තරම් දුක් විදිනවද? ගෑණු ළමයි ආදරේ වෙනුවෙන් කරන කැප කිරිම් කවුරුවත් කියන්නේ නැහැ... පිරිමි ළමයෙක් කරන හැම දේම කියනවා.... තමන්ගේ ලොකේ අතාරින තරමට පිරිමි ළමයින්ට ආදරේ කරන ගෑණු ළමයි ඉන්නවා.... මේක තේරුම් ගත්ත පිරිමි ළමේකුට හම්බ වෙන්නේ ආදරේ නොදන්න ගෑණු ළමේක්.... තමන්ට තමන්වත් නැති තරම්ට ආදරේ කරන ගෑණු ළමේකුට හම්බ වෙන්නේ ආදරෙයි කියලා රැවටිම් කරන පිරිමි ළමේක්.....