Sunday, March 3, 2013

ජිවිතේ ගැන මහා කලකිරිමක් දැනෙනවා.... මිනිස්සුන්ට මේ තරමට නපුරුවෙන්න දුර්ජන වෙන්න පුළුවන්ද කියලා මට හිතෙනවා... එක පිරිමියෙකුට ආදරේ කරා කියලා ඒ මනුස්සයා මට මගේ කියලා තියන හැමදේම මට නැති කරන්න හදනවා... මගේ කියලා තිබුන දේවල් මගේ කියලා ළග ඉදපු මිනිස්සු හැමෝමව ඈත් කරන්න හදනවා.... ඒක මහා ලොකු වීරකමක් කියලා එයා හිතනවා ඇති... ඒත් මටනම් පේන්නේ ඒක එයාගේ කොන්ද පන නැතිකම කියලා.... ජිවිතේ කෙනෙකුට ආදරේ කරන එක වරදක් නෙවේ... ඒත් මම ඔයාට ආදරේ කරපු එක ඔයා දැක්කේ වරදක් වාගේ.... ඔයාගේ ජිවිතේට හුළං පොදක්වත් නොවැදෙන්න ඉන්න මට ඔයා කරන දේවල් දෙවියොවත් උහුලන්නේ නැහැ... ඔය නපුරුකම මුසලකම මම දැක්කේ හුගාක් පහුවෙලා... ඇත්තටම ඔයා මනුස්සයෙක්ද කියලත් මට හිතෙනවා... කෙල්ලෙක් කොල්ලෙක්ට තමන්ගේ හිතේ තියන ආදරේ කිවාම ඒ කෙල්ලව දාන්නේ බැල්ලියෙක්ගේ ගානට.... ඔයා මම ගැන ගොඩාක් අයට හුගාක් දේවල් කියලා තියනවා කියන්න මම දන්නවා... ඒත් මම වැරදි නැහැ කිය කිය කාටවත් කියන්න තරම් මම වැටිලා නැහැ... කවදාහරි ඔයාට ඇත්ත කියන්න වේවි... මමගැන දන්න අය ඇත්ත දන්නවා.... ඒ හැම කෙනාටම වඩා ඔයාගේ හිත දන්නවා.... ඔයාට කාට බොරු කිවත් ඔයාගේ හිතට බොරු කියන්න කරන්න බැහැ.... හැබැයි ඔයාට ඇත්ත ආදරේ කවදාහරි ඕන වේයි... එදාට ඔයාට මාව මතක් වෙයි.... එදාට මගේ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ආදරේ මැරිලා තියෙයි....... එදා ඔයාට කියන්න වෙයි

“ ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහේවත්
ඔබ මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා.....
ඔය නෙතු හැඩවු තරම්....
ඔබ පෙම් කෙරු තරම්....
අදහන්නත් බෑ කොහේ තිබුණා
දෝ මේ තරම් ආදරේ....

No comments:

Post a Comment