Saturday, January 26, 2013

නපුරු කිවිදුට.....

කවිකම කුමට මට
නුඹ ළගම නැතිවිට
බලෙන් පරකරන්නෙමි
නුඹ අහිමි විට... මගේ කවිකම...
සියොත් කැල නද දෙන
ගුම් හදින් මත්ව නුඹ
නුඹටත් වඩා නුඹට පෙම් කල
හදවත දමා නුඹ ගියා දුර....
ළබැදි බව නැතත් නුඹ මට
මගේ හිතම තාමත් නුඹ ළග
තියා කවිකම අහිමි නුඹ වෙත
මියෙන්නෙමි නුඹ අහිමි මම....

Thursday, January 24, 2013

මට හිතෙන ඒවා.......

ආදරේ කියන්නේ සිල්ලර වෙළද භාන්ඩයක් නෙවෙයි.... එක බලෙන් ඇති කරන්නත් බැහැ, බලෙන් ඇති වෙන්නෙත් නැහැ.... අනික ඇත්තටම ආදරේ කරන කෙනා තමන්ට වඩා ආදරේ කරන කෙනා ගැනයි හිතන්නේ.... එයාගේ හිත නොරිද්දනයි බලාපොරොත්තුව හීනේ විදියට තියාගන්නොන... එයාගේ සතුට දැකලා අපි හිනාවෙන්න පුළුවන් නම් හදවතින්ම ඒකයි වටින්නේ... එහෙම නැතිව හිත රිදෙව්වයි කියලා දවස් ගනන් කතා නොකර නොකා නොබි ඉන්න එක නෙවෙයි.... වරද කාගේ උනත් ආදරේදි ඉස්සලම තමන් සමාව ඉල්ලන්න.... මොකද එතකොට ආදරේ කරන කෙනා ඔයාට ඇත්තටම ආදරේ කරනවානම් ආදරේ තේරුම් ගනි.... දෙන්නම පසුනොබැස ආදරයක් දිනන්න බැහැ.... ඒ නොගැලපිම ඇතිනම් ආදරේ නොකර ඉන්න.... ජිවිතේ අරුත තේරෙන්නේ ඇත්තටම ආදරේ කරද්දි ආදරේ විදිද්දි.... අනික ආදරේ කරනවා කියන එක අනිත් කෙනා නොදැනුවත්ව උනත් කරන්න පුළුවන්.... එකයි මම කිවේ ආදරේ කරන කෙනාගේ සතුටයි වැදගත් කියලා.... ආදරේ කරද්දි අපි ආදරේ කරන කෙනා අපි ආදරේ කරනවා කියන නොදැන ඉන්නෙකත් හොදයි... ආදරේ තනියම විදිද්දි හුගාක් ලස්සනයි.... හිත රිදෙනවා අඩුයි.....

නපුරුකම් කරත් හුගාක් ආදරේ ඔයාට.......


හිත හදාගන්න පුළුවන් නම් මම හුගාක් කල්.... ඒත් මතකය හැම වේලේම හිත අතපත ගාද්දි අන්තිම හරිය මහා දුකක් උනත් මුලදි මැදදි තිබුන මහමෙරක සතුට ඇස් වලට කදුළු ගේනවා.... යන්නම යන්න ගියේ මාව එපා නිසානේ.... සමහර වේලාවට මම ඉන්නවා කියලා දැන දැනත් ඔයා නිහඩම ඉන්නේ මාත් එක්ක කතා කරන්න දෙයක් නැති නිසානේ.... මම මොන තරම් ආදරේ කරත් ආදරේ කියන දේ කවමදාවත් බලෙන් එපා.... ඔයාට මාව එකපාරක් එපානම් මට ඔයාව සිය දහස් වාරයක් එපා.... ඔයා ඇස් අස්සට දුන්න හීන හැමදාම මගේ ගාව තියෙද්දෙන්.... මම මෙහෙම පිස්සු විකාර දොඩව දොඩව ඉන්නෙත් හිතේ දුක අමතක කරගන්න.... ජිවිතේ මොනාහරි හිතට වැදුන දෙයක් අමතක කරගන්න කවුරු උනත් තවත් දේකට යොමු වෙනවා... හැබැයි මම වෙනස් වෙලා නෑ.... මට වෙනස් වෙන්න ඕන වෙලා තියෙනවා.... ඒත් මම පරණ හිටපු කෙනාමයි.... ඒකනේ ඔයාගේ නපුරුකම් වලට මේතරම් හිත රිදෙන්නේ... කවදාවත් හිතන්න එපා මොන තරම් ආදරේ කරත් ආදරේ ඉල්ල ඉල්ල ඔයාගේ පස්සෙන් ඒවි කියලා.... මම මගේ පාඩුවේ ඉන්නම්.... ඒක මට කරන්න පුළුවන්.... අනික ඔයාට හිතෙන වේලාවට ලංකරගන්නයි එපා වෙලාවට අයින් කරන්නයි මගේ ආදරේ සෙල්ලම් බඩුවක් නෙවෙයි.... කවදාවම හරි ඇත්ත ආදරේ තේරේයි.... එදාට හුගාක් දුක හිතෙවි ලැබුන හොදම ආදරේ නැති කර ගත්තා නේද කියලා.... එදාටත් මම ඔයාට ආදරේ කරයි.... හැබැයි මම ඔයා ඇසට අහුවෙන මායිමකවත් නැහැ.... සතුටින් ඉන්න.... මම නැතත් ඔයා සතුටින් ඉන්න.... මගේ සතුට ඒකයි....



නිදුකින් ඉනු මැන 
මගේ සතුටත් එයමයි.....



එකතුවෙන ඔයාලට.....

ආදරයෙන් පැරදුන ආදරේ විදින හිත් හැමදේටම සතුටක් දෙන්න සෙනෙහස බෙදා ගන්න අපි සුදානම්... ජිවිතේ සොදුරු තෝතැන්න ඇසිපිය යට හීන....

එකතුවෙන ඔයාලාව ආදරෙන් පිළිගන්නවා...

ඇහිපියට යට හිනත් එක්ක හැමෝම එකතු වෙන්න ආදරෙන්.....