Thursday, August 29, 2013

නුඹ නැති දා.....



I Miss U….

පළමු වන දිග හැරුම...

උදේ ඉදන් චුරු චුරු ගගා දවසම වැස්ස වහින්න ගත්ත හින්දා එළියට බහිනවා තියා හිතන්නවත් බෑ... වැස්සත් එක්ක අම්බානකට ඔරොප්පුවෙන් මම කාමරේටම රිංගගෙනම හිටියා.... ඒත් ඉතිං මම තරහා ගත්තා කියලා ඌ වැස්ස වහින එක නවත්වන එකක් යැ.... හිත පුරාම පාළුවයි තනිකමයි එක්කම හිතට නුහුරු කාන්සියක් හිත වටේම දැවටෙද්දි මම ඇදේ දිගා වුනේ බෙඩ් ෂිට් එක ඔලුවේ ඉදන් පොරෝගන... හිතට ආපු එක පාරටම ආපු ආතල් එකට අක්කා හදලා දිපු පුළුන් ලොකු කොට්ටේ මගේ මුණ උඩින් තියාගත්තා.....

ඒත් විනාඩි පහක් දහයක් එහෙම ඉද්දි මට ඒකත් ඇති වුනා... මම නැගිටලා එරමිණියා ගොතා ගෙන ඇද උඩ ඉදගත්තේ “ෂර්ලොක් හොල්ම්ස්ගේ හරිම භයානක මිනිහෙක්” කියන පොතත් අරන්.... ඒක පෙරලගෙන මම එක දිගටම ලෝක විනාශ හෙටයි, ආයි මට පොත් කියවන්න වෙන්නේ නෑ වගේ පොත එක හුස්මට කියෙව්වා... දැන් ඉන්න සීනි බෝල නවකතා වගේද මේවා.... ෂා.... පටන් ගත්ත තැන ඉදලා ආතල් එකේ කියනගෙන කියවගෙන යතහැකි.... ත්රාවසය, භිතීය, කුතුහලය අවුස්සන්නේ පටන් ගත්ත තැන ඉදලමයි.... පොතත් ඉවරයි..... කම්මැලි කම කිලෝ එකයි....

ඒක පාරට මට මතක් වුනේ යෞවන අයියා ලියපු දයාබර නෝටි නව කතාව නෝටියා පෙරලපු සුපිරි බාල්දියක්.... ඒක මතක් වුනාම මට තනියම හිනා ගියා.... මෑතකදි කෙල්ලෝ කොල්ලෝ අතර හුගාක් ජනප්රියය උන රයිටර් කෙනෙක් තමයි යෞවන සමීන්ද්රා රත්නායක කියන්නේ.... ඒවගේම සමන් එදිරිමුණි, මෙත්ම හසදුන්, ගයනා එස් ලක්මාලිගේ නවකතා මරේ මරු කියලා හිතුනා මට..... අද ඉතිං තියෙන්නේ දෙකයි පනහේ නව කතානේ.....
ඕන් මෙන්න මෙහෙමයි.... කොල්ලා කෙල්ල පස්සෙන් යනවා.... කෙල්ල ගනන් උස්සනවා... කන්න තියන කටු ඔක්කොම කනවා..... අන්තිමට කෙල්ලගෙන් කනේ පාරකුත් කනවා.... පට්ට චාටර් වෙනවා.... ඒත් සතියකින් දෙන්නා සෙට් වෙනවා.... ආතල් එකේ මාසයක් ලව් කරනවා.... ඔන්න එක පාරටම දෙන්නාගෙන් එකෙක්ගේ ගෙදරට මාට්ටු..... ඒවගේ එක්කෝ කෙල්ලට බර තියනවා අහස උසට.... කොල්ලා පට්ට හිගන්නෙක්..... එහෙම නැත්තන් එකේ අනික් පැත්ත.... 

ඉතිං ඇඩියාවේ ඉවරක් නෑ.... අනේ රත්තරං මට ඔයා නැතිව බෑ මම මැරෙනවා කියනවා.... හප්පොච්චියෝ වලි දාන්න දුෂ්ඨයෙක් හො මොකෙක් හරි එකෙක් එනවා..... ඒකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ බොසත් අය.... අනේ අම්මපා උන් උණුවතුරත් නිවලා බොන ඩයල්..... මෙහෙම එවුන් ඉන්නවද මේ සිරි ලංකාවේ..... ප්රේනමති ජායති සොකෝ මැණිකෝ කියනනේ ඕකනේ..... එවනම් මටත් ලියන්න බැරියැ... අනේ මගේ සුදෝ, ඔයා මගේ පණ, ඔයා නැතිව මට ජිවත් වෙන්න බෑ වස්තුවේ කියලා.... 
මගේ ආතල් කල්පනා ලෝකය පෙන බුබුළු වගේ විසිරිලා ගියේ මුණ පුරාවට පට්ට සීතල වතුර පාරක් ගලන් යද්දි.... කරපු බුරුවාව මරන් කන්න කේන්තියෙන් බලන කොට මගේ ඉස්සරහා හිටියේ කණිෂ්කයා.....උගේ ලොඹු කටේ පට්ට අවලම් හිනාවක්..... ෂික් නොදොමකින් මේ හිකනලා මේ පට්ට සිතලේ කරපු අවලම් වැඩේ..... එතකොටයි මට දැනුනේ මම නව කතා එක්ක මොන තරම් දුරක ගිහිල්ලද කියලා.....

“....නිතින් උඹ කාත් එක්කද හීනෙන් හනිමුන් ගියේ.... මෙයා එක්කද.....?”

ඌ ඇහුවේ මගේ කාමරේ තෙළිගු ආටිර්ස් කෙනෙක් වෙන ගෙනේලිගේ මම දාලා තිබුණ ‍ෆොටෝ එකක් පෙන්නලා නොන්ඩියට වගේ....

“....මොකද තොට ගං වතුරද සුනාමිද?.... මාව මරන් කන්න මෙහේ ආවේ.... ෂික්... මගේ ගෙදර මගේ පාඩුවේ ඉන්න නැති හැටියක්.... කියපං දැන් තෝ මොකටද ආවේ....? ඇයි තොපේ ගෙදර ගං වතුරට අහුවෙලා කන්න බොන්න එහෙම නැතිවෙලාද?”

මම හිතුවේ කණිෂ්කයාගේ මුණත් තහඩුව කරත්තෙට අහුවුන කජු ලෙල්ලක් වාගේ වෙයි කියලා.... මොන ඌගේ මුණේ සිරා හිනාවක්..... ඒක පැණි ලොරියක් විතර ඇති. ඒ තරම් සිරා හිනාවක්.... ෂුවර් එකටම මු මොකාක් හරි පැණි හැලිකට සෙට් වෙලා වගේ... නැත්තන් මේ මල වැස්සේ මාව හොයන් අපේ ගෙදර සම්ප්රාරර්ථ වෙන්න කිසිම හේතුවක් නෑ මුට..... 

“...මොකක්ද උඹ පෙරලගත්ත පැණි බාල්දිය”

ඌට ආයෙත් අර කලින් වගේම පැණි හිනාව ආයෙත් ආවා.... ඒ කියන්නේ මේක තනිකරම කෙල්ලෙක්ගේ සීන් එකක්.... ආයේ අහන්න දෙයක් නැ... අනිවා මට සීයට දාහක් ඒක මට ෂුවර්....

“....සිරා කෑල්ලක් දැක්කා බං..... පිස්සු හැදිලා හොද වෙලා ආයෙත් හැදෙනවා බං.... ආහ්..... නිකේෂි අක්කි ඔයා කෝපි ගේනාවද...?”

ඒ වේලාවෙම තමයි අපේ අක්කා ට්රේැ එකකුත් උස්සගෙන අපේ කාමරේට ආවේ.... අලි පත සයිස් චොක්ලට් කේක කෑලි දෙකකුයි කෝපි කොප්ප දෙකකුයි අරන් ඇවිත් මගේ මේසේ උඩින් තියලා මගේ ඇදෙන් ඇවිත් වාඩි උනා..... ඒ කියන්නේ මු අක්කාටත් වාර්තා කරලා ඇවිත් තියෙන්නේ.....

“....ඇයි කණිෂ්ක මල්ලි ඔයා ආපු ගමන් කිවේ.... අක්කි සීතලයි මට කොපි එකක් ඕන හොදේ කියලා...”

“....ඔයා හරිම හොදයි නිකේෂි අක්කි..... මම ටග් ගාලා ඇදුමක් දාගෙන එන්නම්.... මේක පට්ට තෙතයි අප්පා... අඩෝ නිතුවෝ මට උඹේ ඇදෙන් භාගයක් මට ඕන හරිද....?”

ඌ එහෙම කියලා ඌගේ නයි මල්ලෙන් ඇදුමකුත් අරන් මගේ බාත් රූම් එකක් රිංගගත්තා.... මම හිමින් සැරේ අක්කගේ ඔ‍ඩොක්කෙන් ඔලුව තියාගත්තා.... අක්කා ඔලුව අත ගාන ගමන් මගේ මුණ දිහා බැලුවා.... අක්කා මොනා හරි අහන්න හදනවා කියලා මට දැනුනා....

“....ඔයාට පාළුයිද මල්ලියෝ....”

“....ඔව් අක්කා.... වේලාවට මේ ගෝතයා ආවේ....”

මම අක්කාගේ බඩට තුරුල් වෙන ගමන් කිවා..... අක්කයි මායි පුංචි කාලේ උනත් රණ්ඩු වුනේ නෑ.... අපි දෙන්නා හරිම ෆිට්... අනෙක් සහෝදර සහෝදරියෝ අතර තියන බැදීමට වඩා ලොකු බැදීමක් අපි දෙන්නා අතර පොඩි කාලේ ඉදලම තිබ්බා....

“...මල්ලි මම දෙයක් අහන්නද....?”

“....මොකක්ද අක්කේ....? බය හිතෙන දෙයක් නෙවේ නේද....?”

අක්කාගේ කම්මුලක් කිස් කරන ගමන් මම ඇහුවා.... අක්කා මුණත් අමුතු කරන් මගේ ඔරොප්පු තාලෙන් මගේ දිහා බැලුවා.... අක්කා හිනා වෙද්දි නිකං පොඩි එකෙක් වගේ.... අක්කා හරිම ලස්සනයි... ඒ හින්දාම අක්කිට කොල්ලෝ බර ගානක් ට්රකයි.... ඒත් තාම එයාට ඉරණම් කාරයා හම්බ වෙලා තිබුණේ නෑ තාම....

“....මල්ලි ඔයාට තාම ගර්ල් Friend කෙනෙක් නැතිද....?”

අක්කා ඒක ඇහුවේ හුගාක් සීරියස් පාටින්.... මට අක්කා පව් කියලා හිතුනා.... සාමාන්යණයෙන් අක්කයි මායි අතර රහස් නෑ... අපි දෙන්නා යාළු‍වෝ වාගේ තමයි ඉන්නේ.....

“....නෑ අක්කි.... තාම නෑ... ඔය ඉස්සරහ ඉන්න ඩ්රීහම් ගර්ල් මට තාම මිට් උනේ නෑහැනේ.....”

මගේ කාමරේ බිත්තියේ අලවලා තිබුන අලිපත සයිස් ගෙනෙලියාගේ හුරතල් ෆොටෝ එක අක්කට පෙන්නන ගමන් මම කිවා.... අක්කාගේ මුණ ටිකක් වෙනස් වුනා.... මහා බෑරුරූම් පාටක් අක්කගේ සුදු මුණට ඇවිත් තිබුණා.....

“....ඔයා හොයන්නේ මෙයා වගේම කෙනෙක්ද මල්ලි.....”

අක්කා එකත් ඇහුවේ අර අදුරු පාට අමුතු අමුතු ගතිය මුණේ තියාගනමයි.... එයා ටිකක් අවුල් වෙලා කියලා මට දැනුනා.... ඒත් අක්කා මොකද අවුල් වෙන්නේ....

“...ඔව් අක්කි.... එයා මට වැඩිමල් උනත්, බාල උනත්, එයා මට ආදරේ කරත් නැතත්, එයාගේ අකමැත්තෙන් හරි මම එයාව මගේ කරගන්නවා අක්කි.... මම ඒකට දෙපාරක් හිතන්නේ නෑ...”

අක්කගේ ඇගට තුරුල් වෙන ගමන් මම කිවා... අක්කා මේ තරම් අවුල් වුනේ ඇයි කියලාද මම අහන්න හදද්දිම කණිෂ්කයා ආවා...

“...නිකේශි අක්කි.... මටත් ඔයා වගේ අක්කෙක් හිටියානම්.....”

“....ඇයි දනිෂා ඉන්නේ.... ඔයාට.... එයා ආදරේ නැතිද....?”

අක්කා කණිෂ්කගෙන් ඇහුවා.... ඌගේ කොහොමත් හපුටු මුණත් තහඩුව තවත් හතරුස් කරන් අක්කා ගෙනාපු චොක්ලට් කේක් කෑල්ලක් කන ගමන් කතාව පටන් ගත්තා....

“....ෂික්.... ඒකි ඉපදිලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි රණ්ඩු වෙන වේලාවකද කොහෙද නිකේෂි අක්කි.... හැම වේලේම බැලුවොත් මාත් එකක් මොනාට හරි එල්ලෙන්නමයි බලන්නේ....”

ඌ එහෙම කිවේ නම් සිරාවට කියලා මට හිතුනා.... කණිෂ්කයි දනිෂා අක්කාගෙයි වැඩේම රණ්ඩු වෙන එක... උන් දෙන්නා අපි හිටියත් කමක් නෑ... මරගන්න එකම තමයි කරන්නේ.....

“.....ම්ම්.... ඔයාලා දෙන්නා කතා කර කර ඉන්නකෝ... මට වැඩවගයක් තියනවා.... කණිෂ්ක මල්ලි ඔයා අද යන්නේ නැහැනේ......”

“.....අපෝ නෑ නිකේෂි අක්කි.... අපේ කටු අත්තත් එක්ක පැටලෙනවාට වඩා මෙහේ ඉන්න එක හොදයි අක්කි..... ම‍ට දැන් ගෙදරත් එක්ක එපා වෙලා නිකේෂි අක්කි....”

කණිෂ්ක කියද්දි මට ඌ ගැන පව් කියලා හිතුනා..... කොල්ලෝ සෙට් එකම අපේ අක්කට මාර ආදරෙයි.... උන් වේලාවකට මට ඊරිෂියා කරනවද කියලත් මට හිතුනා.....

“....මොකක්ද උඹ පෙරලගන්න යන බාද්ලිය.... කොහේ ඉන්න එකියක් කර ගහන්නද දැන් තෝ හදන්නේ....”

“.....මචං නිතින්.... මම උඹලගේ ගෙදර ටික දවසක් ඉන්නද....?”

කවමදාකවත් අපේ ගෙදර ඉන්න කිවත් ඉන්නේ නැති කණිෂ්ක එහෙම කියද්දි මට ටිකක් විතර වෙනසක් දැනුනා.... ඇයි මේ.... කවදාවත් නැතිව, ගෙදරවත් මු බාල්දියක් පෙරගත්තද...?

“....මොකෝ මචං උනේ කණියෝ.... කෝ කියපංකෝ....”

ආපු වේලේ තිබුණ සෙල්ලක්කාරකම ඌගේ මුණෙන් නැති වෙලා ඇස් කොන් අගට පුංචි කදුළු කැට දෙකක් ඇවිත් තිබුණා..... මුට මොකක් වේලාද අනේ මේ.....

“....අපේ අක්කා මාව අද මරන්න හැදුවා නිතින්..... තව ඩිංගක් එහේ ‍මෙහේ උනානම් මම ඉවරයි බං....”

“මොකක්.... ගෙදර කවුරුත් හිටියේ නැතිද කොල්ලෝ.....?”

“....මම නිදාන් හිටියේ බං.... මට එක පාරට ඇහැරුනා.... මේන්න අක්කා පිහියත් උස්සන් මට කොටන්න හදනවා.... මම අමාරුවෙන් එකිව අල්ලගෙන කෑ ගහද්දි අප්පච්චි ඇවිත් තමයි අක්කාව අරන් ගියේ.... ඇයි බං මගේ අක්කම මට මෙහෙම කරන්නේ.... බලපං උඹයි නිකේෂි අක්කියි මොන තරම් ආදරෙන්ද ඉන්නේ.....”

ඇස් අස්සට ඇවිත් තිබුණ කණිෂ්කගේ කදුලු ඕහේ ගලන් ගියා.... මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ සහෝදරියන්ගේ වෙනස කියලා.... මගේ අක්කා මේ තරම් හොද වෙන්නත්, කණිෂ්කගේ අක්කා ඌව මරන්න තරම් දරුණු වෙන්නත්.....

“....උඹට කැමැති කාලයක් මෙහේ හිටපන් කණි..... ඒක අවුලක් නෑ... උඹ ගෙදරට කියලද ආවේ....?”

“....නෑ නිතින්.... මට ගෙදරට කියන්න හිතුනේ නෑ.... මේ හැමදේටම වැරදි අපේ අප්පච්චි....”

කණිෂ්ක කිව ඒ කතාව මට තේරුනේ නැහැ..... ගෙදරින් කණිෂ්ක වැඩියෙන්ම ආදරේ කරේ අප්පච්චිට.... ඒත් කවමදාකවත් නැතිව ඌ උගේ අප්පච්චි ගැන මේ තරම් කලකිරිමේන් කතා කරන එක මට හිතාගන්න බැරි වුනා.... 

“...කණි මොකද මචං උනේ..... කෝ උඹ ඔය අඩනවනේ..... මොකද උනේ කියලංකෝ.....”

කණිෂ්ක මේ තරම් වෙලා හිරකරන් උන්නු කදුළු කැට ඔක්කොම උගේ කම්මුල් දෙක දෙපැත්තෙන් ගලාන වැටුනා.... පුංචි දේකටවත් අඩන්න කදුළුලක් උනන්නේ නැති කණිෂ්ක වගේ කෙනෙක්ගේ ඇස් වලින් කදුළු වැටෙන්නේ පොඩි දුකකට නෙවේ කියලා මට දැනුනා.....

“.....අඩපුවාම උඹේ හිතේ දුක අඩුවෙනවා නම් අඩපං කණි..... මම උඹට මොකුත් කියන්නේ නෑ.... කොල්ලෙක් උනාම අඩන්න එපා කියන්න තරම් පහත් එකෙකුත් නෙවේ මචං මම.... උඹට ඇති වෙන තරම් අඩපං.... ඒ වගේම උඹට කියන්න හිතුන වේලාවක මට කතාව කියපං කණි.....”

මම කණිෂ්කගේ ඔලුව අතගාන ගමන් කිවා..... මමඇල් වෙලා තියෙන කෝපි කොප්ප දෙක විසික් කරලා අක්කට කියලා කෝපි හදාගන්න අක්කාගේ රූම් එකට ගියා.....

ඒ එක්කම මට කල්පනා උනේ ඇයි අක්කි මේ තරම් අප්සෙට් එකෙන් ඉන්නේ මම හොයන්නේ ගෙනේලි වගේ කෙල්ලෙක් කිවාම...... කණිෂ්කගේ ගෙදර අවුල මොකද්ද, එතකොට කණිෂ්ක කිව අලුත් කෑල්ල කවුද... මට කල්නා කරන්න දේවල් සෑහෙන්න දේවල් තිබුණා..... මම ඒ අතේ කල්පනා කරලා බැරි තැන විසි අතේත් කල්පනා කලා..... ම්ම්හ්... ක්රිියෙට්යව් අයිඩියාස් අද නිකං බොල්ක් වෙලා වගේ..... මම සෙටියේ තවත් හොදට ඇල වුනා.... 

“....ඇත්තමයි නිතින් මම ඔයාට ආදරෙයි.......”

“.... ඔයා ඇත්තටමද ගෙනේලි කියන්නේ.....”

“....... ඔයා වගේ ස්මාර්ට් හුරතල් දගයෙකුට මම මොනාටද ‍බොරු කියන්නේ......”

“........ හුරේ....... මට ජය වේවා..........”

මම ‍හිතට ආපු සන්තෝෂෙට හූ කියලා මටම හුරේ පාරක් දාගත්තා.... කොමද මට ගෙනේලි කැමැති කිවාම... ෂා... පට්ට ආතල්නේ.... මට මේක අපේ ගැන්සියට කියනකල් නිවන් නෑ දැන්....... ඒත් එකපාරට මාව හොල්ලනවා දැනුනා.... යකෝ මම අද භුම්කම්පාවක්ද... නැතිනම් මම මේ නැවකද ඉන්නේ.... එහෙමනැත්තන් අද සුනාමියක් ද........ මට හිතා ගන්න බැරි උනා..... 

අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි අක්කා මාව හෝ ගාලා හොලවනවා..... මම ඉන්නේ අපේ ගෙදර සාලේ සැටිය උඩ.... අනේ අම්මපා මම එතකොට දැකලා තියෙන්නේ පට්ටපල් හීන රාජයෙක්ද....? ෂික් තව ටිකක් උන්නානම් ගෙනේලිගෙන් මට උම්මා එකක් හීනෙන් හරි ගන්න තිබ්බා......

කෝ මේ අක්කා වැඩේ කෑවනේ..... ඇස් දෙක කියනවා අරින්න එපා කියලා..... මෙහෙම්ම ගෙනේලි උම්මා එකක් දෙනකල් ඉන්නවද නැගිටිනවද? ඒත් කොහොමද ගනේලිගෙන් උම්මා ගන්නේ...... අක්කා මාව හොලවන විදියට මම තවත් නිදන් හිටියොත් මගේ පාට්ස් කොහේ තියේද දන්නේ නෑ.....

“.... මොකද අක්කේ මේ..... ටිකක් නිදා ගන්න දෙන්නකෝ......”

“..... නිදාගන්න නෙවේ.... මොකෝ මහ හයියෙන් ‍බෙරිහන් දෙන්නේ.....”

“.... මම ‍බේරිහන් දුන්නේ නෑ.... අනේ සුදු අක්කේ යන්නකෝ.... මට ටිකක් ඉන්න දීලා.....”

අක්කා අම්බානක ඔරොප්පු මුඩ් එකක් පෙන්නලා ගස්සන් ගියා.... මටත් හිනත් ගියා.... මම එහෙම්ම ඇස් දෙක පියාගත්තා.... ආයෙත් ගෙනේලිගේ දග ඇස් මගේ හිත පුරාම එඹුනා....

******************************************************************************
කදුළු ඇස් - හීන දිගැසි

Monday, June 3, 2013

නුඹ ළග නැතිදා........

------------ නුඹ ළග නැතිදා -------------
____________________________
======================


ආදරණිය කවිදිනි........

ජිවිතේ කියන්නේ පුදුමාකාර දෙයක්.... ඔය ඇස් මට හමු වුනෙත් මම නොහිතපු විදියට...... ඒත් මම හිතුවේ නෑ ඔය ඇස් මගේ ජිවිතේ වේවි කියලා.... ඔයා දන්නේ නැතිව ඇති කවි ඔය ඇස් දැක්ක පළමුවෙනි දවසේ ඔය ඇස් මගේ ළග හිත අතරමං කරලා දැම්මා.... ඔයා මම නොහිතුම මොහොතක මගේ ජිවිතේට කඩා වැටෙද්දි මම හිතුවේ නෑ ඔය ඇස් මගේ ජිවිතේ වෙයි කියලා...... ලස්සන සමනල පිහාට්ටක ඉදන් ජිවිතේ ලස්සන, සංතෝෂය, දගකම හැමදේම විදපු මගේ ජිවිතේ මෙහෙම කඩන් වැටේවි කියලා මම හිතුවේ නෑ කවි.... ජිවිතේම එපා වෙලා ජිවිතෙන් යන්න හදද්දි මගේ ජිවිතේට ජිවිය දුන්නේ ඔය ඇස් දෙක කවි.... ඇයි කවි ඔයා ඔයාගේ හිතට ආදරේ කරනවා තරම් මට ආදරේ නොකරන්නේ.... ඔයා ඇත්තටම දන්නේ නැතිද මම ඔයාට හුගාක් ආදරෙ කරනවා කියලා.... අපි අපේ වෙන්නේ නෑ කියලා මම දන්නවා කවි.... ඒත් මට කියන්න කවි ඔයා ඔයාගේ හිතට ආදරේ කරන තරමට වඩා නැතත් පුංචිම පුංචි ආදරයක්වත් මම ගැන තිබුණේ නැතිද කවි.... ඒ නිසා නේද ඔයා මාව දාලා යන්නේ.......?

මම - නිතින් නෙත්ම අමරසිංහ

ආදරණිය නිතින්.....

අනේ නිතින්, ඔය දග ඇස් දෙක දැකපු දා ඉදන්, ඔය දග හිතට ඔයාගේ දඩබ්බරකමට මම පැලෙනකල් ආදරේ කලා නිතින්.... සත්තමයි මම මටත් වඩා ආදරේ කරා නිතින්.... ඇයි ඇයි නිතින් ළගම ඔයාට ඉදලත් ම‍ගේ ආදරේ නොතේරුනේ....? අපේ සෙට් එකේ ඉදපු කොල්ලෝන්ව හැමෝව මම ආශ්රටය කලේ මගේ සහෝදරයෝ විදියට නිතින් ඔයා ඇරෙන්න.... ඔයා මගේ හිත පුරාම මොන තරම් ඇවිද්ද කියලා දන්නේ මම විතරයි.... දන්නවද දන්නවද නිතින්, මගේ හිතේ ආදරේ ඔයාට කියාගන්න බැරිව මම මොන තරම් හිතින් දුක් වින්දද කියලා.... මාව තේරුම් ගත්ත කෙනා මට කිවා ඔයාව මගේම කරලා දෙනවා කියලා.... පුංචි කාලේ ඉදන් මගේ හිතේ උන්නු වීරයා මගේ තාත්ති නෙවේ නිතින් ඔයා... මම ඔයාට හුගාක් ආදරෙයි නිතින්.... ඔයා මගේම විතරයි..... I Love You So Much Nitin….. I Love You…..

මම - නදිශි චාතූර්යා සමරවීර


ආදරණිය නිතින්......

ඔයා දන්නවද හදවතින් මැරිලා උන්න මාව ආපහු ඉපැද්දුවේ ඔය ඇස් කියලා..... ඔය ඇස් මගේ ජිවිතේට ආපුදා ඉදන් මගේ නැවතිලා තිබුණ මගේ ජිවිතේ ආපහු නිතන්ම පටන් ගැනුනා නිතින්.... ඔය දගහිත, ඔය දඩබ්බරකම, මට මගේ ජිවිතේ ආපහු දුන්නා නිතින්.... ඔයා දන්නවද නිතින් ඔයා දන්නවද.... මගේ හිතටත් වඩා මම ඔයාට ආදරේ කරනවා කියන එක..... ඒක මට කියාගන්න බෑ නිතින්.... ඒක කිවොත් ඔයා මට යන්න දෙන්නේ නෑ කියලා මම හොදටම දන්නවා නිතින්..... ඒ හින්දා ඔයාට ඔයාගේ ආදරේ ලබා දීලා මම ඈතට යනවා...... ඒත් මගේ පුංචි හිත අස්සේ හැංගිලා ඔයා හැමදාම ඉන්නවා නිතින්.... මට මේ ආත්මේ මගේ හිත නොලැබුණන් ඊළග ආත්මේ මගේ හිත ලැබෙන්න කියලා මම ඔයාට ඔයාගේ ආදරේ දෙනවා නිතින්.... හුගාක් ආදරෙයි නිතින්..... මගේ හිතටත් වඩා ආදරෙයි නිතින්.....

මම - කවිදිනි සංසාරිකා සේනාරත්න


මගේ ආදරණිය යාළුවනේ.....


“නුඹ ළග නැතිදා” නවකතාව ගැන ඔයාලට මේකෙන් පුංචි අදහසක් එන්න ඇති යාළුවනේ..... තුන්කොන් ආදර කතාවක් නොවුනත් ඔයාලාට පුංචි කුතුහලයක් ඇති නිතින් - කවිදිනිට ආදරේ කලත් කවිදිනි - නිතින්ට ආදරේ කලත් ඇයි එයාලගේ ආදරේ එකතු නොවෙන්නේ කියලා...... ජිවිතේ හැටි එහෙම තමයි යාළුවනේ.... අපි බලාපොරොත්තු වෙන ආදරේ අපිට ලැබෙනවා හුගාක් අඩුයි... සේනියට යෙනුලිට හම්බ වුනා වගේ අපි සමහර අයට මොනතරම් ආදරේ කලත් එයාලට අපේ ආදරේ දැනෙන්නේත් නෑ ඒ ආදරේ අපට ලැබෙන්නෙත් නෑ.... සමහර වෙලාවට දෙන්නම ආදරේ කලත් ළග තියාගන්න අපේම කරගන්න බැහැ.... හරියට නිතින් - කවිදිනිට වෙනවා වගේ.... ජිවතේ අපි හොයන හිතන පතන ආදරේ හම්බ වෙන්නේ හුගාක් අඩුවෙන් යාළුවනේ..... “නුඹ ළග නැතිදා” නවකතාවෙන් කියවෙන්නේ එ වගේ දෙයක්.... හැබැයි නිතින්ට කවිදිනි නොලැබුනත් නදිශි ඉන්නවා හොදේ..... ඉතිං මේ ආදර කතාවත් එක්ක ඔයාලා එකතු වෙලා බලන්නකෝ... මොනා උනත් ඔයාලා හිතන පතන ආදරේ මට නොලැබුනත් ඔයාලට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවනේ......

________කදුළු ඇස් -
හීන දිගැසි_______




Friday, May 31, 2013

ඔයාට.......

මල් මල් හුගාක් දැක්කා ජිවිතෙත් එක්ක... ඒ හීන සේරම හුළං කෝඩේක අහුවුන පහන් සිලක් වාගේ නිවාලා ගියා.... ජිවිතේ තනියම ඉන්න එක හොදයි කියලා හිතෙනවා... නොලැබෙච්ච ආදරේට ජිවිතේ ගෙවන එක මෝඩ කමක් කියාවි.... මන්දා මම ඒක පිළිගන්නේ නැහැ... ජිවිතේට හම්බ වුන හැමෝම අපේ ජිවිතේ නවතින්න රැදෙන්න එන්නේ නැහැ... හුගාක් අය එන්නේ ඇවිත් යන්න... එන හැමෝම අතාරින්න බැරි තරමට ලං කරගත්තාම දුක වැඩි... ඒත් මං හිතුවේ නැහැ ඔයාත් මාව අතැරලා යාවි කියලා... ඔයා හැමදාම කියන්නේ එකම කතාව... අම්මා... මන්දා තීරණය ඔයාගේ අතේ... ඔයා ඔය මොන තරම් දේ කිව්වත් ඔයාලාගේ ගෙදරට මං ගැන කියලාත් නෑ කියලා මං දන්නවා.... ඒත් අද පසුතැවෙනවාටත් වඩා දවසක තවත් පසුතැවෙයි.... අඩුම තරමේ වචනයක් කියන්න මම ළග නැති වෙයි......



Monday, May 27, 2013

ෆේෂ් බුක් ෆේක් දන්සල - ෆේක් වලින් සැගවුන සුන්දර මිනිසුන්.....

ෆේෂ් බුක් ෆේක් දන්සල - ෆේක් වලින් සැගවුන සුන්දර මිනිසුන්.....


______________________________________________________________
මම හැමදාම ලිවේ ආදරය විරහව ගැන... අද ඔයාලාට මම විදපු වෙනස්ම අත්දෑකිමක් ගැන ලියන්න හිතුනා.... 
වෙසක් පුන් පෝයට අපි කරපු වැඩක්... කුරුණැගල සාරගම වැව් ඉස්මත්තේදි මැයි 25 දුන්න අයිස්ක්‍රිම් දන්සල....
ෆේෂ් බුක් කියන්නේ මිතුරු සංසදයක්... මිතුරන් රාශියක් හදුනාගන්න පුළුවන් තැනක්... රියල් ෆේක් වශයෙන් දෙගොල්ලක් ඉන්නවා... රියල් අය තමන්ගේ අනන්‍යතායවන් ඇතිව ඉන්නේ... 

ඒත්....
ෆේක්....?????????????

______________________________________________________________
ෆේක් කියන්නේ හදුනාගැනිමට විශේෂිත නමක් දාගෙන ඉන්න අය... රියල් අයගේ වගේ ලොකු කතා ෆේක් ලොකේ නෑ... ෆේක් ලොකේ හරිම සුන්දරයි... එකමුතුයි... සුහදයි... අනික ෆේක් කියන්නේ අනන්‍යතාවය වහගෙන කරන පුංචි සෙල්ලමක්.... ඒ සෙල්ලම් කරන මිනිස්සු අතරේ ‍ෆේක් මිනිස්සුන්ගේ රියල් ජිවිතේ එකතු කරන් ෆේස්බුක් ඉවේන්ට් එකක් ප්‍රථම වතාවට අත්හදා බලන්න අපි සුදානම් වුනා....

අදහස දුන්නේ අපේ පුමා (බ්ලැක් පුමා) පලමුවෙන් හදපු ඉවේන්ට් එක දවස් දෙකකින් අයින් කරලා තිබ්බා.... පස්සේ දන්සල කරමු කියන තත්වයට ගේනාවේ අතිගරු හොර කුකුළායි ගිණි කුකුළායි....
ෆේක් අපේ දන්සල ගැන හුගාක් විස්තර කරුණු කාරණා ලියලා තිබ්බා ෆේක් අය දකින්න ඇති.... මේ දන්සල කරන්න කට්ටිය එකතු වුන හැටි කට්ටිය ෆිට් වුනේ අහම්බෙන්....

ගිණි අයියා (ගිණි කුකුළා) නිසායි මාත් මේකට සම්බන්ද වුනේ.... 


අපේ මුලින්ම සෙට් වුන කට්ටිය

__________________________________________________________________

01.ගිණි කුකුළා
02. බ්ලැක් පුමා
03. අතිගරු හොර කුකුළා
04. මීහරකා
05. ශ්‍රී මැක්ස්
06. පොඩි මල්ලි සහ ෂැගි මල්ලි
07. හා පැටියා
08. බෙන් ටෙනිසන්
09. මිස්ටර් අන්ඩර්වල්ඩ්
10. චුටි බබි
11. අවලන් කටා
12. බගතලේ මරු ජෝන්
13.කිරිහාමිලාගේ පොල්සමන්
14. මුතු කදුළු
15. මොණර පැටික්කි
16. කදුළු ඇස් (හීන දිගැසි වන මං)


මෙන්න මෙයාලා තමයි වැඩේට බැහැලා වැඩ කරේ... මාත් පුළුවන් උපරිම උදව් කලා... අපි කට්ටිය එකා වාගේ වැඩ කලා... මුදල් හරබැර කරගන්න අවශ්‍ය නිසා හොර කුකුළාගේ ගිණුම පාවිච්චි කලා... ඇත්තටම මේක කෙරුනේ විශ්වාසය මත... මොකද දැකලා නැති අය එකතු වෙලා කරන දෙයක් නිසා අවිශ්වාසකම් තිබුණා... මේක බොරුවක් කියපු අය හිටියා... ඒත් 25 වෙනිදා අපි මේකේ ඇත්ත නැත්ත පෙන්නුවා...

අපි දෙන්න ලෑස්ති කලේ අයිස්ක්‍රිම්... ඒ නිසාද මන්දා කොඩියක් වනන්නත් කලින් සෙනග පිරුණා.... ජිවිතේ ලස්සන දැකපු සුන්දර දවසක්....


උතුවන්කන්දේ සුර සරදියෙල්
මිස්ටර් ෆ්න්ටෑක්ටික්
අහිංසක දගකාරයා / පොඩ්ඩා
රෝස ආච්චි
පුතු සුදු චුටි
ජෝන් ප්ලේයර්

මරියාවත්තේ ඇරිසෝනා
ආදර කුමාරයා

කදුළු පැංචි
දුක්ගන්නා රාළ
පින්ක් පැන්තර් පොඩි එකා

සුදු මහත්තයා
වොලි රොබෝ

එදා හිටපු ෆේක් ලොකේ සුන්දරතම උදවිය මුණගැහිලා සතුට බෙදාගත්තා... කවදාවත් අමතක නොවන දවසක්... ෆේක් කියන්නේ රියල් ජිවිත තමයි... විහිළු තහළු කරලා පිස්සු නටන මේ චරිත වල බැදීම නියමයි... කියන්න වචන නැහැ... ඕනම කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්... හැබැයි රකින විදියට....

ෆේක් අයට මොන තරම් වචන කිවාත් ඒ සමගිය බැදීම නැති කරන්න බෑ කිසිම කෙනෙක්ට......
ෆේක් ලොකේ තරම් සුන්දර මිනිස්සු තවත් නෑ ඇත්තටම......

පොසොන් පොහෝයටත් අලුත් වැඩක් සමගින් ඔබ සමග එකතු වෙන්න ෆේස්බුක් ෆේක් මිතුරෝ සුදානම්....
__________________________________________________________________




























Wednesday, May 8, 2013

නපුරෝ.....

ඇත්තටම මොකක්ද මම එයා ගැන ගන්න තීරණය.... ඔයාට මාව ඕන, ඒක මම හොදටම දන්නවා, ඒක මට හොදටම දැනෙනවා... පලවෙනි පාරට ඔයත් එක්ක තරහාට මම ෆොන් එක් ඕෆ් කලා.... එදා ඔයාට හොදටම තරහ ගියා... මොනා උනත් මට එදා දැනුනා මට නොපෙන්නුවට මාව ඔයාට ඕන කියලා.... ඔයාගේ තියන අහංකාරකමනේ.... නැත්තන් වෙන මොකක්ද? ඔය හිතේ තියෙන ආදරේ කිවනම් ඉවරනේ මට ලොකුකම් දාන්නේ නැතිව.... ඔයා ලොකු කම් දාද්දි මටත් ඒවට රිටන් එක දෙන්න හිතෙනවා හලිද? හුහ් ඔයා හිතන් ඉන්නේ මට තියෙන්නේ හිතක් නෙවේ කියලද? ෂික්... ඔයාගේ ඒ අදහස නම් මාර කැතයි හරිද? ඔයාගේ ඔය ලොකුකම් බහින දවසකුත් එන්නේ නැතැ.... හිත පිරෙන්න ආදරේ තියාන මට ලොකු ලයින් දානවා... ඔයා හිතන්නේ මම මෝඩියක් කියලද ඒ ආදරේ නොතේරේන්න.... ම්ම්ම්... මම මෝඩියක් තමයි.... ඒකනේ ඔයා වගේ වලියෙකුට පැලෙන්න ආදරේ කරන්නේ හිතට කොච්චර දුක දැනුනත්... මම දන්නවා මොනා උනත් මට ඔයාව අමතක කරන්න බෑ කියලා.... ඇත්තටම බෑ.... ආදරෙයි ආදරෙයි ආදරෙයි.... පැලෙන්න ආදරෙයි.... පොඩ්ඩක් තේරුම් ගන්නොකෝ, මාත් ආසයි ඔයාගේ කටින් ආදරෙයි කියලා අහන්න හලිද?

මගේ සුදු මැණික....

කෝ මගේ ඇස් අරින්නකෝ බබා..... අනේ පිස්සියේ මගේ ඇස් දෙකත් රිදෙනවා බං.... මොකද ඔය කරන්න හදන්නේ.... හරි මම ඇස් පියන් ඉන්නම්කෝ... ඔයාගේ අත ගන්නකෝ.... බෑ... නෙවෙයි ගනින් ඉබ්බි අත.... ජිවිතේ මන්හසරක් නැතිව ඕහේ පාවි පාවි හිටපු මට ජිවිතේ අලුත් බලාපොරොත්තු ගෙනත් දුන්නේ ඔයයි මගේ පිස්සියේ... මට මොන තරම් ආදරේ කරනවද කියලා මම හොදටම දන්නවා.... ඔයා කරන දග වැඩ හුරතල් කතා මට අලුතින් ජිවත් වෙන්න බලාපොරොත්තු දෙනවා බබා... සත්තමයි මම ඔයාගේ දග හිත අතැරලා කෙහෙවත් යන්නේ නැ... යන්නේ කොහොමද ඔයා මගේ ජිවිතේම වෙලා ඉද්දි.... මම ජිවත් වෙන්නේ උඹේ හුස්මෙන්නේ... 

මගේ සුදු මල්ලියේ.....

මගේ සුදු මල්ලියේ.....

ඔයා ලොකු ඉන්ජිනේරුවෙක් ඩොක්ටර් කෙනෙක් ලොයර් කෙනෙක් නොවුනට කමක් නෑ..... මේ ලොකේට වැඩක් ඇති මිනිහෙක් වෙන්නයි මට ඕන... කුහකයෙක් වංචාකාරයෙක් බේබද්දෙක් කුඩුකාරයෙක් නොවි පොලවේ පය ගහපු කෙනෙක් වෙයන්..... ජිවිතේ ඇත්ත දකින ජිවිතේ විදින කෙනෙක් වෙන්න... සයිබර ලෝකයේ හිස් මිනිහෙක් නොවි, අම්මා තාත්තා එක්ක ජිවිතේ දැකපන්..... එතකොට ඔයාට ජිවිතේ දකින්න පුළුවන්...ඇත්ත ඇති සැටියටම......

ආදරේ කරුණාව දායාව වපුරවන්න.... හැම මිනිහටම එක විදියට සලකන්න... වැටෙන මිනිහට පයින් නොගහා ඉහලට එන්න උදව් කරන්න.... අන්න එදාටම ඔයාට පුළුවන් මගේ මල්ලියේ ලෝකයම දිනන්න.....