Wednesday, May 8, 2013

නපුරෝ.....

ඇත්තටම මොකක්ද මම එයා ගැන ගන්න තීරණය.... ඔයාට මාව ඕන, ඒක මම හොදටම දන්නවා, ඒක මට හොදටම දැනෙනවා... පලවෙනි පාරට ඔයත් එක්ක තරහාට මම ෆොන් එක් ඕෆ් කලා.... එදා ඔයාට හොදටම තරහ ගියා... මොනා උනත් මට එදා දැනුනා මට නොපෙන්නුවට මාව ඔයාට ඕන කියලා.... ඔයාගේ තියන අහංකාරකමනේ.... නැත්තන් වෙන මොකක්ද? ඔය හිතේ තියෙන ආදරේ කිවනම් ඉවරනේ මට ලොකුකම් දාන්නේ නැතිව.... ඔයා ලොකු කම් දාද්දි මටත් ඒවට රිටන් එක දෙන්න හිතෙනවා හලිද? හුහ් ඔයා හිතන් ඉන්නේ මට තියෙන්නේ හිතක් නෙවේ කියලද? ෂික්... ඔයාගේ ඒ අදහස නම් මාර කැතයි හරිද? ඔයාගේ ඔය ලොකුකම් බහින දවසකුත් එන්නේ නැතැ.... හිත පිරෙන්න ආදරේ තියාන මට ලොකු ලයින් දානවා... ඔයා හිතන්නේ මම මෝඩියක් කියලද ඒ ආදරේ නොතේරේන්න.... ම්ම්ම්... මම මෝඩියක් තමයි.... ඒකනේ ඔයා වගේ වලියෙකුට පැලෙන්න ආදරේ කරන්නේ හිතට කොච්චර දුක දැනුනත්... මම දන්නවා මොනා උනත් මට ඔයාව අමතක කරන්න බෑ කියලා.... ඇත්තටම බෑ.... ආදරෙයි ආදරෙයි ආදරෙයි.... පැලෙන්න ආදරෙයි.... පොඩ්ඩක් තේරුම් ගන්නොකෝ, මාත් ආසයි ඔයාගේ කටින් ආදරෙයි කියලා අහන්න හලිද?

No comments:

Post a Comment