Thursday, September 5, 2013

ෆේක් පොසොන් සත්කාරය.......

ෆේක් සමාජිකයින්...
හැමෝම ඇහුව්වා කට්ටිය මොකද පොසොන් එකට කරන්නේ කියලා. පොඩි හේතුන් කිහිපයක් මත මට අපි පොසොන් කරපු වැඩේ බ්ලොග් එකට දාන්න පරක්කු වුනා. සොරි හොදේ....

මේ අපේ පොසොන් වැඩේ....

පොසොන් සත්කාරයට වෙසක් එකට තරම් සෙනග එකතු වුනේ නෑ... අපි දහදෙනෙක් විතරක් එකතු වුනේ. මාගේ උපන් දිනේට ළමා නිවාසේකට දානයක් දෙන්න ආසයි කියලා මම ඉස්සරලාම කිවේ ගිණි අය්යාට. ගිණි අයියා එදාම කිවා නංගි මම සල්ලි දෙන්නම් අපි කරමු කියලා. මේ දේට මොන තරම් ආසාවක් තිබුණත් මට සල්ලි කියන දේ ප්‍රශ්නයක් වේලා තිබුණා. මොකද මං රස්සාවක් නොකරපු නිසා. ප්‍රතිපාදන කියපු විදියටම ගිණි අයියා මට දුන්නා. ඒ මුදල් මම ගත්තේ පොරොන්දුවක් පිට. ඒ පොරොන්දුව ලබන මාසේ විතර වෙද්දි මට ඉටු කරන්න පුළුවන් වෙයි.

01. කදුළු පැංචි
02. අහිංසක පොඩ්ඩා
03. ලොල් සොත්ති
04. බ්ලෝට් බ්ලෝට්
05. .තඩි ජයා
06. බෙන් ටෙනිසන්
07. හොර කුකුළා
08. ජොනි වෝකර්

ෆේක් වලිනුත්

01. යනුෂ්ක ඩිලාන් හේරත්
02. කවිෂ ධනංජය‍
03. ක්‍රිෂාන් මිල්ලව

රියල් වලිනුත් සහබාගි වුනා.


මායි චුටි බබියි එදා මලියදේව ළමා නිවාසේට ගියේ ගිණි අයියා අරන් දුන්න බඩු ටික බාරදෙන්න. අපි දෙන්නා එන්න ලෑස්ති වෙද්දි එකේ ඉදපු පාලිකාව අපෙන් ඉල්ලිමක් කරා. මේ අහිංසක මල්ලිලා එක්කලා දවසක් ඉන්න එන්න කියලා. සිංදුවක් කියලා සෙල්ලමක් කරලා විනෝද වෙන්න එන්න කියලා. ජොනි වෝකර් මල්ලිගේ උපන් දිනේ ජූනි 11ට යෙදිලා තිබුණ නිසා අපි ජූනි 09 ඉරිදා මේක කරන්න තිරණය කලේ හදිස්සියේ. අපි හිතුවේ ජූනි 30 හෝ 31 කරන්න කලින්.

හදිස්සියේ ඕගනයිස් කරගත්තු නිසා අපි පුංචි අධාර කිහිපයක් විතරයි කරන්න පුළුවන් වුනේ. ආයි පුළුවන් ඉක්මනින් මෙයාලා එක්ක එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එදා අපිත් ආයිත් පුංචි කාලේට ගියාදෝ කියන හැගිම හිතට එනවා. ආපු හැමදේනාට බොහෝම ස්තූතියි. ආයිත් අලුත් දෙයකින් එකතු වෙමුකෝ.....
































නුඹ ළග නැති දා......







I Miss You..... නුඹ ළග නැති දා....

දෙවන දිග හැරුම...

අක්කියි මායි අපි දෙන්නම යන්නේ එකම කොලේජ් එකක..... අක්කි මට වඩා වැඩිමල් අවුරුද්දයි.... ඒ හින්දමද කොහෙද අපි දෙන්නා හුගාක් එකතුයි.... අක්කි බාහිරින් බිස්නස්මන් වලින් Degree එක ගන්න Try කලාට කොලේජ් එකේ අක්කි කරන්නේ ඩාන්සින්....... පුංචි කාලේ ඉදන් අක්කිට හැඩට ලස්සනට නටන්න පුළුවන්.... මට උපතින්ම සිංදු කියන්න පුළුවන්කම වගේම අක්කියට උපතින්ම ඩාන්සින් පුළුවන්..... අක්කියි මායි එක්ක අද කණියත් අපිත් එක්ක ආවා....

කොලේජ් එකේ අරලිය ගහ ළග කණියායි මායි නැවතෙද්දි අක්කි එයාලගේ ක්ලාස් තියෙන පැත්තට ගියා.... කණිෂ්ක මොනාදෝ දෙයක් කියන්න හදලත් එක පාරට නැවතුනේ මොකද බලන්න මම ඌ බලපු දිහාවේ බැලුවා.... මගේ ඇස් අදහා ගන්න බැරි උනා... එතන හිටියේ වෙන කවුරුත් නෙවේ, මගේ ආදරණිය හීන කුමාරි.... සුදුම සුදු පාට සල්වාර් එකක් ඇදලා පොත් ටිකත් තුරුළු කරගෙන මගේ ඇස් මානෙන් හිමිහිට පියනැගුවේ මගේ පුංචි හීනේ අයිති කුමාරි.....

ලා නිල් පාටට හුරු ඇස්..... ඉන දිහාට තියෙන ‍කොණ්ඩේ.... ලා රෝස පාට තොල් පෙති..... හිමිහිට අඩිය තියන හැටි.... මේ හැමදේම මම නොට් කරගත්තේ විනාඩි කිපයකින්.... මගේ හිත ගත්ත ගෙනේලිගේ සම්පුර්ණ රැපේ එහෙම්ම එයාට හිමිවෙලා තිබුණා, එය දෙයක් ඇරෙන්න.... ගෙනේලි කියන්නේ හුරතල් දග කෙල්ලෙක්.... ඒත් ඔයා හුගාක් සංසුන්.... මම දැක්කේ හීනයක් ද කියලා හිතුනා....

“... නිතින්.... කතා කරපංකෝ.... මොකද උඹට උනේ....”

“.... කණි... එයා කවුද...? කවද්ද එයා මෙහෙට ආවේ....”

ඒත් මම හිතුව ඉක්මනට කණිෂ්ක උත්තර දුන්නේ නැහැ.... ඌ ටිකක් කල්පනා කරා.... එතකොටයි මම දැක්කේ අපේ අනිත් එවුන් සෙට් එකත් ඇවිදින් කියාලා....

“... නිතින්... උඹ සිරාවටමද බං කිවේ ගෙනේලි වගේම කෙල්ලක් ඕන කියලා....”

මම මොකුත් නොකියා ඔලුව හෙලෙව්වා.... ඇත්තටම මම ගෙනේලිව දැක්කේ අහම්බෙන්.... ඒ හුරතල් රැපේ මගේ හිතේ රැදුනේ නොහිතපු විදියට.... මම කවදා හරි මගේ ජිවිතේ කොටසක් කරගන්නෙත් ගෙනේලි වගේම කෙනෙක් කියලා එදා මම හිතාගත්තේ විහිළුවට නෙවේ.... ඇත්තටමයි...

“.... නිතින් අපි හිතුවේ මචං උඹ බොරුවකට කියනවායි කියලා....”

“.... සාගර කවුද මචං ඒ.... එයා කවුරු උනත් දැන් එයා මගේ....”

කොල්ලෝ ටික මගේ දිහා බලන් හිටියේ පුදුමයකින්... මොනා උනත් ඒ රෑපය මගේ හිත අස්සේ හැංගුන රෑපය... මගේ මුළු හිතම හිරි වට්ටලා තිබුණා......

“... මචං මට මෙයා ගැන ඩ්ටේල්ස් ඕන.....”

“..... ඒක නම් මාරු වෙන එකක් නෑ නිතින්..... ඒත් අපි මෙච්චර කල් හිතන් හිටියේ උඹ ජොක් එකට ගනේලි ගැන කියවන්නේ කියලා.....”

“.... මොනා උනත් මචං ඒකි ගෙනේලිගේ කපාපු පලුව.... ඒකි අර හැපි ෆිල්ම් එකේ වගේ.....”

කොල්ලෝ ටික මොන තරම් විකාර කියෙව්වත් ඒ විකාර මගේ හිතේ රැදුනේ නැ.... මගේ හිත ඇතුලේ දගකරේ මම දැකපු අහිංසක රෑපේ.... මට හිතාගන්න බැරි උනා ඇයි මම මෙච්චරටම ගොළු වුනේ කියලා..... කවදාවත් අනුන්ගේ වෙන්න දෙන්න හීනෙන්වත් නොහිතපු ඔය සොදුරු රෑපේ මටම උරුම කරගන්න මම හීන දැක්කා.....

“.... මේ ඒක නෙවේ.... මම දැක්කා මේ ළගදී නෙට් එකේ දා තිබුණා ගෙනේලි මැරි කරා කලා කියලා..... මැරි කරලා තිබුනේ හිංදි නළුවෙක්වලු....”

“.... කාවද බං ඒ.... උඹ නම දන්නේ නැතිද...?"

“...රීතේෂ් දේක් මුඛ් කියන්නේ... අන්න ඌව බං.....”

“.... නිතුවෝ උඹට දැන් ඒ ගෙනේලිත් නෑ.... මේ ගෙනේලිත් නෑ.....”

නොන්ඩියට වගේ සංඛ කියද්දි මට අසුහාරදාහට නැග්ගා.... මම ඌව ඇදලා මගේ ළගට ගත්තේ පුදුම කේන්තියකින්.... මම සංඛගේ බෙල්ලෙන්ම අල්ලත්තා.....

“.... නිතු මොකද මචං මේ.... කො මුගේ බෙල්ල අතැරපන් හොද එකා වගේ.....”

මාව කණිෂ්කයි කවිංගයි ඇදලා අරගත්තා.... ඇත්තටම මට මොනාද උනේ කියන්න මටවත් ‍හිතාගන්න බැරි උනා.... තව ටිකක් එහා මෙහා උනානම් මට කූඩුවේ තමයි ඉන්න වෙන්නේ....

“... අම්මෝ බං ආයි නම් උඹට ගෙනේලි සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්නේ නෑ.....”

මලින්තයා මුණත් ඇඹුල් කරන් එහෙම කිවා.... මම සංඛ ළගට ආවා.... ඌ බිම බලාගත්තා.... ඇත්තටම මටම වගේ හිත තේරුම් ගන්න බැරිවයි තිබුණේ.... මම සංඛගේ අතකින් අල්ල ගත්තා.....

“.... සංඛයා සොරි මචං.... වෙරි සොරි.... මට මොනා උනාද කියන්න මම දන්නේ නෑ....”

“..... මටත් සමාවෙයන් නිතුවෝ..... මමත් ඕනේ නැති කතාවක්නේ කිවේ.... මටත් කට තියන් ඉන්න බෑ.... අනික මම හිතුවේ මචං උඹට ඒක ඔය තරම් සීරියස් කේ‍ස් එකක් වෙයි කියලා....”

සංඛ කිවා.... ඇත්තටම මට එතන හුගාක් සීරියස් ගන්න තරම් දෙයක් නෑ තමා.... ඒත් ඔයාව වෙන කෙනෙක්ගේ වෙනවා කියන එක මට හීනෙන්වත් කරන්න බැරිඋනා.... ඒකට හිත හදාගන්න බැරි උනා....

“.... ම්ම්.... හරි සංඛයෝ උඹට මම මට කිව එකට පනිස්මන්ට් එකක් දෙන්නොන...”

“.... ඒ ඒ.... මොකද්ද නිතුවෝ...”

සංඛයා හොදටම බය වෙලා.... ඌ හොදටම දන්නවා මම අනිවාර්යෙන්ම දෙන්නේ මොකාක් හරි බෙල්ල ගහලා යන වැඩක් කියලා.... ඒක ආයෙත් හෝදන්න දෙයක් නෑ කියලා කොල්ලෝ ගැන්සියම දන්නවා....

“.... මොකක්ද බං.... කියපංකෝ තවත් මාව බය නොකර.... උඹගේ වැඩක් කියන්නේ බෙල්ල ගහලා යන සීන් එක්ක නෙවේ නේද?....”

සංඛයා ලවක් දෙවක් නැතිව කියවනවා.... මට හොදටම හිනා යන්න ආවත් මම ආමාරුවෙන් හිනාව නවත්තගෙන සංඛයා දිහා බැලුවේ ඌ මහා බැරුරෑම් වැඩක් දෙන්න තියනවා වගේ.....

“..... උඹ මට උදේ වෙන්න කලින් මට මගේ ස්වීට් හාට් එක ගැන සියළුම ‍ඩීටෙල්ස් ලබා දෙන්න ඕන... එහෙම නැතිනම් මම උඹට.... කරන දේ මම කියන්නේ නැ..... කරලම පෙන්නන්නම්කෝ....”

එක අහපු ගැන්සියේ කොල්ලෝ බක බක ගාලා හිනා උනා.... සංඛයගේ මුණත් ටිකක් විතර එළිය උනා... ඌ හිතන්න ඇති බෙල්ලත් නැති වෙන වැඩක් වෙයි කියලා..... අපි හැමෝම ක්ලාස් එකට ගියා.... සර් මොන තරම් හොද ඉගැන්නුවත් සර් කියන දේ මගේ හිතට වැටුනේ නෑ.... මගේ ළගම වාඩි වෙලා ඉන්න නදිශි මම දිහා බැලුවා.....

නදිශි කියන්නේ පුංචි කාලේ ඉදන් මගේ ළග ඉන්න අඹයෙක්..... අපේ කොල්ලෝ ගැන්සියත් එක්කම ඉන්න කෙල්ලෝ හතර දෙනෙක් උන්නා.... නදිශි, කාව්යා්,කෞෂි, නිවනි අපේ සෙට් එකත් එක්ක මාර ෆිට්.... කාව්යාලයි කෞෂියි කිඹුල්ලු..... නදිශි කියන්නේ ඇමති කෙනෙක්ගේ දුවෙක්..... ඒකි අපිත් එක්ක තියන ෆිට් එකට අපි එක්කම ඉන්නවා මිසක් අපිව දාලා ගියේ නැ...... නිවනි කියන්නේ අපේ නිවන්තගේ නිවුන්නා....

“.... නිතුන් මොනාද කල්පනා කරන්නේ....”

නදිශි හෙමින් කෙදිරිල්ල වගේ ඇහුවා..... ඒකි හුගාක් අහිංසකයි..... ඒකිට තියෙන්නේ හුරතල් කටහඩක්..... නදිශි හරීම චාම්..... කවදාවත් අඩුම තරමේ ඩෙනිමක්වත් දාලා ඉන්නවා මම දැකලා නෑ..... මම දන්නදා ඉදන් එකි ඇන්දේ සල්වාර්..... අදත් ඇදන් ඇවිත් උන්නේ ලා නිල් පාට සල්වාර් එකක් දාගෙන.... ඒ සල්වාර් ඇන්දාම ඒකි නිකන් පුංචි එකෙක් වගේ.... හිතේ කොනක ඉන්න මම ආසම කරන කෙනෙක්ගේ රෑපයක් නදිශිට තිබුණා..... අපේ සෙට් එකේ කෙල්ලෝ හතර දෙනාගෙන් ලස්සනම ලස්සන හුරතල් ඒ වගේම අහිංසකම කෙල්ල තමයි නදිශි කියන්නේ.....

“.... මොකුත් නෑ.... උඹ හරි ලස්සනයි අද.....”

ඒකිගේ ජම්බු පාට මුණ ලැජ්ජාවෙන් රතු වුනා..... නදිශි ඇමති කෙනෙක්ගේ දුවක් උනත් ඒකි සක්කර වට්ටමක් නෙවේ... කෙල්ලෙක් කොල්ලෙක් තාත්තා ඇමති උනාම ජිවත්වෙන්නේ තනිකරම තාත්තගේ උෂ්ණේ උන්ටත් ගහලා වගේ නේ... ඒත් නදිශි කවදාවත් එහෙම වුනේ නෑ, ඒකට හේතුවත් මම දැනන් උන්නා..... නදිශිගේ අම්මා නෑ..... ඒකිගේ අම්මා නැති වුනේ නදිශිගේ තාත්තා සෙකට්රිම එක්ක සම්බන්ධයක් තියනවා කියලා නදිශිගේ අම්මාගේ අතටම අහුවුන දවසේ....

එතකොට නදිශිට වගේම මටත් අවුරුදු දහක් විතර ඇති.... මාත් අම්මයි තාත්තයි එක්ක මල ගෙදර ගිය වේලාවේ මාව තුරුල් කරන් නදිශි අඩපු හැටි තාම මට මතකයි.... අපේ සෙට් එකේ කෙල්ලොන්ගෙන් නිවුන්නු දෙන්නටයි නිවනිටයි වඩා වඩා මම ළං වුනේ නදිශිට.... මොකක්දෝ තේරුම් ගන්න අමාරු හැගීමක් නදිශි නිසා මගේ හිත ඇතුලේ තියනවා කියලා මට දැනුනේ හුගාක් කල් ඉදලා..... නදිශිගේ අම්මා නැති වෙලා මාස කිහිපයකින් සෙකට්රිල එයාගේ පුංචි අම්මා උනා..... ඒත් නදිශීට එයාව පේන්න බෑ කියන්න මම හොදටම දන්නවා....

නදිශි ගෙදර ඉන්නෙත් තනියමයි..... මොකද නදිශිට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි උන්නට උන් දෙන්නා නදිශි ලගින් තියන්න බෑ..... එකම සහෝදර සහෝදරියෝ උනත් එයාලා අතර ලොකු වෙනසක් තිබුණා.... උන් දෙන්නාට ක්ලබ් එක වෙස්ටන් ඇදුම් කෙල්ලෝ කොල්ලෝ ඇරුනාම වෙන ජිවිතයක් තිබුණේ නැ..... නදිශිට කියලා ගෙදර ඉන්නේ පුංචි දවස් වල ඉදන් එයාව බලාගත්ත මැගි අම්මා විතරයි.....

“....උඹට ගෙදරින් අවුලක් නෑ නේද නදී.... ”

එතකොට නදිශි මගේ දිහා බැලුවා.... ඒ ඇස් වල මොකක්දෝ දිග කතාවක් ලියවිලා තිබුණා..... නදිශි හුගාක් වේලාවට හැමදේම කිවේ මට.... මේ කෙල්ලට මොකක් හරි ප්රයශ්නයක් තියෙනවද මන්දා.....

“.... නෑ නිතු ප්රමශ්ණයක් නෑ.... ඒත් හෙට අපි කට්ටියම අපේ ගෙදර එනවද....? ”

“.....අනිවා එන්නම් කෙල්ලේ...... ඒත් ප්රමශ්නයක් වෙයිද ඔයාට...... ”

“...... ඒහෙම වෙන්න දෙන්නේ නෑ මම..... නිතු මාව විශ්වාසයි නේද....? ”

ඔව් කියන්න මම ඒකිගේ ඇස් දෙක දිහා බලලා හිනා උනා.... ඒකි ඇස් වලින් ආවේ අහිංසක හිනාවක්, හරියට දුකක් හංගගෙන හිනාවෙනවා වගේ.... ඇත්තටම මට පව් කියලා හිතුනා නදිශි ගැන..... ඒකිගේ දකුණු අත මම තද කරලා අල්ල ගත්තා.....

“... හැමදේම තනියම විසදගන්න යන්න එපා නදී..... උඹට කවුරු නැතත් මම අපේ සෙට් එක ඉන්නවා..... ”

මම ඒකිට එහෙම කිවා..... මම බලාන ඉද්දිම ඒකිට අවේනික වෙච්චි ලස්සන හිනාවක් නදිශිගේ මුණේ ඇදෙනවා දැක්කාම මටත් සතුටු දැනුනා..... නදිශි මගේ අත ආපිටට අල්ල ගත්තා....

“..... මම ඒක දන්නවා නිතු..... ඒකනේ මේ සැනසීමෙන් ඉන්නේ..... ”

එතනින් පස්සේ අපි දෙන්නාම කතාව පැත්තකින් තියලා සර් කියන දේ අහන් උන්නා..... මටනම් මෙලෝ දෙයක් හිතට ආවේ නෑ.... හිත පුරාම සක්මන් කලේ මගේ හීනේ අයිති මගේ පුංචි සුදු කුමාරි.... අනේ කවදා හරි ඔයා මගේම වෙනවා නම්..... ඒත් එක්කම මම කල්පනා කලේ ඇයි නදිශි එයාලාගේ ගෙදර එන්න කිවේ කියලා.... සාමානයෙන් අපි යාළුවොන්ගේ ගෙවල් වල ගියාට අපි වැඩිය නදිශිගේ ගෙදර යන්නේ නැහැ.... ඒකට හේතුව තමා ඇමතිගේ අලුත් වයිෆරේ.....

එයාව අපේ සෙට් එකටම දිරවන්නේ නෑ..... ඉතිං ඒක නදිශිත් හොදටම දන්නවා..... මොකද එයාගේ හයිෆයි ෆැමිලි ලෆිප් එක කාලා එයාගේ ආතල් එක බොන්න තමයි අපි යන්නේ කියලා ඒ ගෑණි හිතන් ඉන්නේ.... මොකද අපෙන් මහා පිස්සු පීකුදු වෙන ප්රතශ්ණ අහලා අපේ එවුන්ගෙන් පට්ට විදිහට චාටර් වෙලා හින්දා ගෑණි දැන් අපි එනවට කැමති නෑ..... නදිශි අපිත් එක්ක බ්රැනකට් වෙලා ඉන්න එකටත් ගෑණිගේ කැමැත්තක් තිබුණේ නෑ....

ඒ නිසා නදිශිගේ මොනා හරි ප්රකශ්නයක් තිබුණත් අපි අපේ කාගේ හරි ගෙදරකට ගිහින් විසදගන්නවා මිසක නදිශිගේ ගෙදර ගියේ නෑ.... ඒ එක්කම නදිශි නිවනිත් එක්ක නැගිටලා එළියට ගියා.... නදිශිගේ ඩයිරි එක අස්සේ ලස්සන බුක් මාර්ක් එකක් දැක්කා... අනුන්ගේ ඩයරි එකක් බලන එක කැත වැඩක් උනත් මම බුක් මාර්ක් එක බලන්න හිතුනා.... ඒක බලලා තිබුණ තැනටම දාන්න ඕන හින්දා එතන පිටුව බැලුවා.... හෙට මැයි 27..... “....සුදු අම්මේ හෙටට ඔයාගේ දෝණිට අවුරුදු 21ක්..... ” කියලා නදිශිගේ ලස්සන රවුම් අකුරින් ලියලා තිබුණා.....

ඒ කියන්නේ හෙට නදිශිගේ බ්ර්ත් ඩේ එක.... එක ගන්න තමයි කෙල්ල අපට එන්න කිවේ.... පව් ෂික්... මටත් ඒක අමතක වුනාවේ... ගැන්සියේ එවුන්ට නම් මතක නැතිව ඇති ඕක..... මොනාද කෙල්ලට මම දෙන්නේ කියලා කල්පනා කරා..... එතකොට තමයි හොද අයිඩියාවක් ආවේ.... තවත් පැය බාගෙකින් විතර ක්ලාස් ඉවර උනා.... නදිශි ටිකක් එහෙම මෙහෙට වෙනකල් ඉදලා මම කොල්ලොන්ට ෂින් එක කිවා....

“.... නදිශිට අපි හැමෝම එකතු වෙලා මොනාවත් අරන් දිලා වැඩක් නෑ අපි තනි තනියම ගනිමු.... නේද මචං...”

“......ඔව් කණි ඒක ඇත්ත..... අපි හෙට නෙවේ අනිද්දා නදිශිත් එක්ක පාක් යමුද? පව් බං ඒකි ගෙදරටම කොටුවෙලාමනේ ඉන්නේ..... ”

“..... එහෙනම් මෙහෙම කරමු, මම අපේ වෑන් එක අරන් එන්නම්..... අපි මාළිගාවටත් ගිහිල්ලා පාක් එකටත් ගිහිල්ලා එමු... නදිශි ඒකට හොදටම කැමති වෙයි..... ”

“.....ඒකනම් පට්ට පට පට අයිඩියා එකක් නිතුවෝ..... එක්සලන්ට් අපටත් හෙන ෆන් එකක් ගන්න පුළුවන්.... ”

අපි කට්ටිය වැඩේ සෙට් කරගත්තා.... අවුල තියෙන්නේ නදිශි එළියට ගන්න එක...... ඒක ඉතිං අපේ කෙල්ලෝ තුන්දෙනා කරන්නේ නැතැයි.... අපි ටික ගෙදර එන්න ආවා.... මම නදිශි ළගට හිමින්ම කිට්ටු කරේ එයාට කියලාම එයාට ලස්සන ඇදුමක් තෝරගන්න.....

“....නදී.... අපි අනිද්දා මාළිගාවට යනවා...... ඔයත් එනවනේ.... ”

“... මම එන්න බලන්නම් නිතු.... ෂුවර්ම කරන්න එපා.... ”

“... නදී ඔයා බය වෙන්න එපා කෙල්ලේ.... අපි ඔයාව කොහොම හරි එදාට එළියට ගන්නම්කෝ.... ”

නිවනි එහෙම කියද්දි නදිශිගේ ඇස් දෙක සන්තෝෂයෙන් පිරුණා..... අනේ මේ අහිංසක කෙල්ල ජිවිතෙන් බලාපොරොත්තු වෙන්නේ මොන තරම් පුංචි දේවල් ටිකක්ද කියලා හිතුනා....

“... නදී මට ඔයාගෙන් හෙල්ප් එකක් ඕන.... ”

“.... මොකක්ද නිතු.... ”

“....අපේ අක්කිට සල්වාර් එකක් ඕනලු.... මට තේරේන්නේ නෑ කෙල්ලේ..... ඔයාට බැරිද තෝරලා දෙන්න... ”

“.....අනේ ඕක මොකක්ද නිතු.... යං මම තෝරලා දෙන්නම්..... ”

අපි දෙන්නා අනික් අයගෙන් වෙන් වෙලා ආවා..... නදිශි මගේ අතකින් අල්ල ගත්තා.... මගේ මුණ දිහා බලලා හිනා වුනා.... ඒකිගේ අත ආපිටට තද කරලා අල්ලන් අපි දෙන්නාම ශ්රීායානි එක ඇතුලට ගියා....

“...මිස් මොනාද බැලුවේ.... ”

“.....සල්වාර් එකක් ගන්න බැලුවේ.... ”

“....එන්න මිස්.... මෙතන තියනවා.... ”

පාට පාට සල්වාර් ගොඩාක් අපි දෙන්නා ඉස්සරහා තිබුණා.... නදිශි එකෙන් කිහිපයක්ම තෝරන් තිබුණා... ලා රෝස පාට එකකුයි, ලා කහ පාට එකකුයි, සුදු පාට ලස්සන සල්වාර් එකකුයි... ඒ ටිකත් අරන් නදිශි මගේ පැත්තට හැරුනා.....

“..... නිතු.... මේ තුනම ලස්සනයි... අක්කිට කෝකද හොද නිතු....? ”

“....ඔයාට ලස්සනම ඒක කොකද නදි..... මට මේ තුනම ලස්සනයි.... ”

“.....ම්ම්...... මේ සුදු පාට එක.... ඒක හරිම නිට් නිතු.... ”

“....රායිට් බබා අපි ඒක ගමු.... නදී.... ”

“..... ඇයි නිතු... තව මොනා හරි ඕනද...? ”

“....මෙහේ ටෙඩ් බෙයාස්ලා නැතිද....? ”

“....එන්නකෝ මේන්න මේ පැත්තේ තියෙන්නේ... ”

එතෙන්ට යද්දිම මම දැක්කා ලස්සනම ලස්සන රෝස පාට ටෙඩි කෙනෙක්.... එයා මගේ හිතට ඇල්ලුවා හොදටම.... මම ඒක ගන්න හදද්දිම නදිත් ඒකට අත තිබ්බා....

“....ඔයා මේක ගන්නද හැදුවේ නිතු.... ”

“..... ඔව් නදි.... එයා හරිම ලස්සනයිනේ..... ”

“....මාත් එකයි ඔයාට මෙයාව පෙන්නන්න හැදුවේ..... ”

නදිශි හිනා වෙවි කියනවා.... මට නදි පව් කියලා හිතුනා... මම මේවා ගත්තේ එයාටමයි කියන්න එයා දන්නේ නැහැනේ.... ඒක මතක් වෙලා මට පුංචි හිනාවකුත් ගියා....

“.....නදි.... මේක ඔයාට.... ”

සුදු පාටට ලස්සනට ගල් පේලියක් අල්ලා තිබුණ ලස්සන හීනි සුදු රින්ග් එකක් නදී අතින් තියන ගමන් මම කිව්වා.... නදිගේ ඇස්වල බලාපොරෝත්තු නොවුනු විදියට කදුළු ඇවිදින් තිබුණා.... අතේ තිබුණ පුංචි ලේන්සුවෙන් ඇස් දෙක පිහන් ලාවට හිනා වෙලා එයා මම දිහා බැලුවා.... මම නදිගේ අත තද කරලා අල්ල ගත්තේ අඩන්න එපා කියන්න....

“....ඇයි නදි...මේ.... ”

“....ඔයා දන්නවද නිතින්....අම්මි මාව දාලා ගියාට පස්සේ මාව මෙහෙම එක්කන් ඇවිත් මට තෑග්ගක් අරන් දුන්න එකම කෙනා ඔයා.... තාත්ති මට මාසෙකට සැහෙන ගානක් බෑන්ක් එකට දානවා මට ඕන දෙයක් ගන්න කියලා.... කවදාවත් මට මෙහෙම තෝරලා අරන් දීලා නෑ නිතු.... ”

මම ලාවට හිනා වුනා.... කොයි කෙල්ලද ඒකට අකමැති, මටත් අක්කා කෙනෙක් ඉන්න හින්දා ඒක ගැන මම හොදට දැනන් හිටියා.... අක්කිගේ බ්ර්ත් ඩේ එකට තාත්තිට මොන වැඩේ තිබුණත් අක්කි එක්කන් ගිහිල්ලා අක්කිට ඕන දේ අරන් දෙන්න අපේ තාත්ති කවදාවත් අමතක කරේ නෑ.... ඒ එක්කම මම මගේ යටි හිතින් සතුටු උනා, හෙට මම නදීට දෙන ප්රඅසන්ට් එක එයාත් එක්කම ගිහින් එයාටම ගත්ත එක්ක කියලා...

බිල් එක ගෙවලා ඇවිදින් මම නදිශිව බස් එකට දැම්මා.... මොන තරම් ගෙදර වාහන තිබුණත් නදිශි යන්නේ එන්නේ බස් එකේ.... බස් ස්ටැන්ඩ් එකට ඇවිදින් අපේ පාරේ යන බස් එකකට මම නගින්න හදනකොටම මගේ ඇස් දැකපු දේ මටම විශ්වාස කරන්න බැරිව ගියා.... උදේ ඇදන් ඉදපු සුදු සල්වාර් එක අයින් කරලා, ලා කොළ පාටට හුරු සල්වාර් එකක් දාගෙන මගේ ඉස්සරහින් අද දවසේ දෙවෙනි පාරටත් ඔයා ගියා....

ඇස් අදහගන්නත් කලින් හුළගක් වාගේ ඔයා ළග පාතකවත් නෑ.... ඒ මම පට්ට දවල් දැකපු හීනයක්වත්ද.....?



****************************************************************************

(උපුටා ගැනීම සපුරා තහනම්)

කදුළු ඇස් - හීන දිගැසි