ෆේක් සමාජිකයින්... |
මේ අපේ පොසොන් වැඩේ....
පොසොන් සත්කාරයට වෙසක් එකට තරම් සෙනග එකතු වුනේ නෑ... අපි දහදෙනෙක් විතරක් එකතු වුනේ. මාගේ උපන් දිනේට ළමා නිවාසේකට දානයක් දෙන්න ආසයි කියලා මම ඉස්සරලාම කිවේ ගිණි අය්යාට. ගිණි අයියා එදාම කිවා නංගි මම සල්ලි දෙන්නම් අපි කරමු කියලා. මේ දේට මොන තරම් ආසාවක් තිබුණත් මට සල්ලි කියන දේ ප්රශ්නයක් වේලා තිබුණා. මොකද මං රස්සාවක් නොකරපු නිසා. ප්රතිපාදන කියපු විදියටම ගිණි අයියා මට දුන්නා. ඒ මුදල් මම ගත්තේ පොරොන්දුවක් පිට. ඒ පොරොන්දුව ලබන මාසේ විතර වෙද්දි මට ඉටු කරන්න පුළුවන් වෙයි.
01. කදුළු පැංචි
02. අහිංසක පොඩ්ඩා
03. ලොල් සොත්ති
04. බ්ලෝට් බ්ලෝට්
05. .තඩි ජයා
06. බෙන් ටෙනිසන්
07. හොර කුකුළා
08. ජොනි වෝකර්
ෆේක් වලිනුත්
01. යනුෂ්ක ඩිලාන් හේරත්
02. කවිෂ ධනංජය
03. ක්රිෂාන් මිල්ලව
රියල් වලිනුත් සහබාගි වුනා.
මායි චුටි බබියි එදා මලියදේව ළමා නිවාසේට ගියේ ගිණි අයියා අරන් දුන්න බඩු ටික බාරදෙන්න. අපි දෙන්නා එන්න ලෑස්ති වෙද්දි එකේ ඉදපු පාලිකාව අපෙන් ඉල්ලිමක් කරා. මේ අහිංසක මල්ලිලා එක්කලා දවසක් ඉන්න එන්න කියලා. සිංදුවක් කියලා සෙල්ලමක් කරලා විනෝද වෙන්න එන්න කියලා. ජොනි වෝකර් මල්ලිගේ උපන් දිනේ ජූනි 11ට යෙදිලා තිබුණ නිසා අපි ජූනි 09 ඉරිදා මේක කරන්න තිරණය කලේ හදිස්සියේ. අපි හිතුවේ ජූනි 30 හෝ 31 කරන්න කලින්.
හදිස්සියේ ඕගනයිස් කරගත්තු නිසා අපි පුංචි අධාර කිහිපයක් විතරයි කරන්න පුළුවන් වුනේ. ආයි පුළුවන් ඉක්මනින් මෙයාලා එක්ක එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එදා අපිත් ආයිත් පුංචි කාලේට ගියාදෝ කියන හැගිම හිතට එනවා. ආපු හැමදේනාට බොහෝම ස්තූතියි. ආයිත් අලුත් දෙයකින් එකතු වෙමුකෝ.....
mona liyannada manda hoda wadak
ReplyDeleteඅලේ.. ආයෙත් මොනාහරි කරමු ඈ.. දැන් ගොඩක් දවස් ගියානේ... ආයෙත් ඉවෙන්ට් එකක් කරමුද ළමා නිවසේම වැඩ සටහනක්..
ReplyDeleteස්තූතියි.. ලිව්වට මේ ගැන.
Bora Diyaka Induwara
කරමු බෙන්... ඕගනයිස් කරන්නකෝ. මාත් අනිවා එනවා.
Deleteඅපි දන්නෙත් නෑ. දැනගත්තත් එන්න වෙන්නේ කොළඹ අවට තිබ්බොත් තමයි ඉතිං ..
ReplyDelete